• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තෙත්බිම් ගොඩකිරීම හා විනාශ කිරීම නවතාලීම සඳහා නියෝග පැනවීම
- කොළඹ අගනගර කලාපයෙහි තෙත්බිම් ගොඩකිරීම හා විනාශ කිරීම වහාම නවතාලීමට තාවකාලික තහනම් නියෝගයක් පැනවීම සහ තෙත්බිම් ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම හා සංරක්ෂණය කිරීම පිළිබඳ අවශ්‍ය පියවර ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර නිලධාරි කමිටුවක් පත් කරනු ලැබ තිබේ. ඒ අනුව එම කමිටුව විසින් සිදු කරන ලද පහත නිර්දේශ පරිදි ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

i ජාතික වශයෙන් අතිශය වැදගත් අවස්ථාවකදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය ඉදි කිරීමක් හෝ සංක්‍රමණ දුම්රිය මාර්ග පද්ධතිය යටතේ හඳුනාගනු ලැබ ඇති ඉදි කිරීම් හැර වෙනත් කිසිදු කාර්යක් සඳහා කොළඹ අගනගර කලාපය තුළ පිහිටි තෙත් බිම් ආශ්‍රිත, සියලුම ආකාරයේ ගොඩ කිරීම් හා ඉදි කිරීම් වළකාලන තහනම් නියෝගයක් පැනවීම.

ii දැනටමත් සංවර්ධන කටයුතු ආරම්භ කර ඇති කිඹුලාඇළ හා දියවන්නාඔය ආශ්‍රිත හඳුනාගෙන ඇති භූමි ප්‍රදේශ හැර අනෙකුත් තෙත් බිම් ප්‍රදේශ ආරක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කිරීම.