• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශගුණ විපර්යාස අවම කිරීමේ හවුල්කාරිත්ව ව්‍යාපෘතිය
- ශ්‍රී ලංකාව විසින් 2016 දී හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය යටතේ වන පැරිස් ගිවිසුමට අපරානුමැතිය ලබා දීමත් සමඟ, දේශගුණික විපර්යාසවලට හේතු වන හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ ගෝලිය ප්‍රයත්නයට දායක වීම සඳහා ශ්‍රී ලංකාව බැඳී සිටියි. ඒ සඳහා දේශීයව ලබා දිය යුතු දායකත්වය යටතේ බලශක්තිය, ප්‍රවාහනය, කර්මාන්ත, අපද්‍රව්‍ය සහ වනාන්තර යන ප්‍රධාන ක්ෂේත්‍ර 05 සඳහා හරිතාගාර වායු විමෝචනය අවම කළ හැකි පුළුල් ක්‍රියාකාරකම් මාලාවක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මෙසේ දේශීය වශයෙන් නිර්ණය කරන ලද ඉලක්ක කරා ළඟා වීම සඳහා ඉහත එක් එක් ක්ෂේත්‍රවලින් විමෝචනය කරනු ලබන හරිතාගාර වායු ප්‍රමාණයන් හඳුනාගත යුතුව ඇත. ඒ සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ප්‍රදානයන් ලබා ගෙන අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.