• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වන සංරක්ෂණ ආඥාපනත සංශෝධනය කිරීම
- ජෛව විවිධත්වය, පස, ජලය, සංස්කෘතික, ආගමික, ඓතිහාසික සහ සෞන්දර්යාත්මක වටිනාකම කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින් මතු පරපුරේ යහපත වෙනුවෙන් වනාන්තර සංරක්ෂණය කිරීම, රක්ෂිත වනාත්තර තුළ තිබෙන ඛනිජ සම්පත් ආරක්ෂා කරගැනීම, වනාන්තර සංරක්ෂණය පිළිබඳ වන සංරක්ෂණ නිලධාරින් සතු බලතල තවදුරටත් ශක්තිමත් කිරීම, වනාන්තරවල ඵලදායිතාව වර්ධනය කිරීම සහ ග්‍රාමීය ජනතාවගේ සුබසාධනය සඳහා වනාන්තරවලින් ලැබෙන දායකත්වය ශක්තිමත් කිරීම යනාදී අරමුණු ඇතිව දැනට පවතින වන සංරක්ෂණ ආඥාපනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, වන සංරක්ෂණ නීතිරාමුව වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි අදාළ සංශෝධන ඇතුළත් කරමින් වන සංරක්ෂණ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.