• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය සම්බන්ධයෙන් විශේෂ කොමිසමක් පත් කිරීම
- මෑතක සිට රාජ්‍ය අංශයේ විවිධ සේවා කණ්ඩායම් විසින් සිය වැටුප් හා දීමනා වැඩි කරගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීම හේතුවෙන් මහජනතාවට මුහුණු දීමට සිදුවන දැඩි අපහසුතා මෙන්ම ආර්ථිකයට සිදු වන අහිතකර බලපෑම්ද සැලකිල්ලට ගෙන රාජ්‍ය අංශයේ දැනට පවතින වැටුප් ව්‍යූහයන් පිළිබඳ අධ්‍යයනය කොට, සමස්ත රාජ්‍ය සේවය තුළ පවතින වැටුප් හා සම්බන්ධ ගැටලු විසඳීමට පියවර ගැනීම කාලීන අවශ්‍යතාවක් බව හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වයට කඩිනමින් විසඳුම් සෙවීම සඳහා එක් එක් ක්ෂේත්‍රයේ දැනුම හා පළපුරුද්ද සහිත ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂ කොමිෂන් සභාවක් පත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. මෙහිදී දුම්රිය සේවාවේ පවත්නා වැටුප් විෂමතා නිවැරදි කිරීම කොමිෂන් සභාවේ එක් විෂය නිර්ණයක් ලෙස දක්වා ඇත. ඒ අනුව දැනට ක්‍රියාත්මක වන ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ කාර්යයන්ට අමතරව වැටුප් සමාලෝචනය සඳහා විශේෂ කොමිෂන් සභාවක් පිහිටුවීම පිණිස අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය හිමි විය.