• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෙහෙවර පියෙස ගොඩනැඟිල්ලේ නඩත්තු හා මෙහෙයුම් කටයුතු සුදුසු සමාගමක් මගින් ඉටුකරවා ගැනීම
- සේවාදායකයින්ට වඩාත් ගුණාත්මක හා ඵලදායී සේවාවක් සැපයීමේ අරමුණින් කම්කරු අමාත්‍යාංශය හා එහි සුපරීක්ෂණය යටතේ ක්‍රියාත්මකවන ආයතන සියල්ල එකම ගොඩනැඟිල්ලක ස්ථාපිත කිරීම සඳහා 'මෙහෙවර පියෙස' නමින් මහළ් 32කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතියි. මෙවැනි ගොඩනැඟිල්ලක් නිසි අයුරින් නඩත්තු කර පවත්වා ගෙන යාම සඳහා පුහුණු කාර්යමණ්ඩලවල පවතින සීමිත බව හේතුවෙන් මෙම ගොඩනැඟිල්ලෙහි නඩත්තු කටයුතු ඒ සඳහා සුදුසුකම්ලත් බාහිර ආයතනයක් මඟින් සිදු කරවා ගැනීම පිණිස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.