• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අඹතලේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීම හා බලශක්තිය ඉතිරි කිරීමේ ව්‍යාපෘතිය
- ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය සහාය සලසනු ලබන මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අඹතලේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීම හා බලශක්තිය ඉතිරි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හඳුනාගනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජලනළ අලුත්වැඩියාව හා ප්‍රතිස්ථාපනය, උපකරණ සවි කිරීම, පොම්පාගාර ක්‍රියාවලිය සඳහා ස්වයංක්‍රීයකරණ පද්ධතියක් හඳුන්වාදීම, ඝන මීටර 8,000ක ධාරිතාවකින් යුත් ජලාශයක් ඉදි කිරීම යනාදිය සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව එම ව්‍යාපෘතිය සැලසුම් කිරීමේ හා ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Zongnan-SZSG JH JV වෙත ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.