• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි, පිටත්වීමේ පර්යන්තය තුළ මුදල් හුවමාරු සේවා පවත්වාගෙන යාම සඳහා ලංසු කැඳවීම
- කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ භාවිත කරමින් විදේශ රටවලට සංචාරය කරනු ලබන මඟීන්ගේ මූල්‍ය හා විදේශ විනිමය අවශ්‍යතා පහසුවෙන් සපුරා ගැනීමට හැකිවන පරිදි පිටත්වීමේ පර්යන්තය තුළ පිහිටුවා ඇති බැංකු සහ මූල්‍ය ආයතන විසින් පවත්වාගෙන යනු ලබන මුදල් හුවමාරු කවුළු සංඛ්‍යාව 06ක් දක්වා වැඩිකිරීම සහ 2019 වර්ෂයේ සිට ඉදිරියට එම සේවා පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති මූල්‍ය ආයතන වෙතින් ලංසු කැඳවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.