• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතිය 2018
- මෙම වර්ෂයේ ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතිය යෙදෙන ඔක්තෝබර් මාසයේ 01 දින සිට ඔක්තෝබර් මස 06 දින දක්වා විවිධ ක්‍රියාකාරකම් හා දැනුවත් කිරීමේ වැඩසටහන් දිවයින පුරා පැවැත්වීමට රාජ්‍ය හා පෞද්ගලික ආයතන සැලසුම් කරනු ලැබ ඇත. ඒ යටතේ ඔක්තෝබර් මස 02 දින වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය පිළිබඳ ජාතික සම්මන්ත්‍රණය කොළඹදී පැවැත්වීම පිණිස සහ එම සතිය තුළ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙල ජාතික මට්ටමින් පැවැත්වීම පිණිස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.