• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශපාලනික පළිගැනීම හේතුවෙන් විවිධ පීඩාවට පත් වූ සහ දේපළ හානි වූ පුද්ගලයන් සඳහා වන්දි ගෙවීම
- දේශපාලන පළිගැනීම් හේතුවෙන් ජීවිත හානි සහ වෙනත් ශාරීරික පීඩාවන්වලට ලක් වූ තැනැත්තන්ට සහ හානියට පත් වූ දේපළ වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා පිහිටවනු ලැබූ වන්දි කමිටුවක නිර්දේශ පරිදි වන්දි ගෙවීම පිණිස අවශ්‍ය අරමුදල් සලසා ගැනීම සහ එම වන්දි 2019 වර්ෂය තුළදී ගෙවීම් කර නිරවුල් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා; අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය සහ නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.