• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාසල් සිසුන් සඳහා පාවහන් යුගලක් ලබා දීම
- දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල්වල සිසුන් 648,151 දෙනෙකු වෙත පාවහන් මිලදී ගැනීම සඳහා තිළිණපත් ලබාදීමේ වැඩසටහනක් 2017 වර්ෂයේදී සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන හරහා තමන්ගේ අභිමතය පරිදි සුදුසු පාවහන් යුගලක් මිල දී ගැනීමේ අවස්ථාව මෙම සිසුන්ට හිමි වූ අතර, එමඟින් එම සිසුන්ගේ දෙමව්පියන් සඳහාද සැලකිය යුතු ආර්ථික සහනයක් හිමිවූ බව හඳුනාගන්නා ලදී. එබැවින් 2018 වර්ෂය සඳහාද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.