• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යම් තැනැත්තකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අයකර ගැනීමේ පනත් කෙටුම්පත
- වෙනත් තැනැත්තෙකුගේ සාපරාධි ක්‍රියාවක් නිසා හෝ එසේත් නැත්නම් කළ යුතුව තිබූ ක්‍රියාවක් නොකර සිටීම හෝ අතපසු කිරීම හෝ පැහැර හැරීම හෝ නිසා යම් තැනැත්තෙකුගේ මරණය සිදුවීම සම්බන්ධයෙන් අලාභ අයකර ගැනීම සහ ඒ හා සම්බන්ධ වෙනත් කරුණු සඳහා විධිවිධාන සැලසීම පිණිස නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද සහිතව සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.