• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහා නව ඉඩ පහසුකම් ලබා දීම
- 170ක පමණ කාර්යමණ්ඩලයකට සහ එම කාර්යාලයට අනුබද්ධ ආයතන 12ක කාර්යයන් සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන කලාකරුවන්ට හා අනෙකුත් පිරිස්වලට පහසුකම් සැපයීම පිණිස බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැඟිල්ලේ පවත්වා ගෙන යන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සතුව ප්‍රමාණවත් ඉඩකඩ නොමැති බව හඳුනාගනු ලැබ ඇත. එබැවින් මීට ප්‍රථම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවත්වා ගෙන යන ලද කැප්පෙටිපොළ මාවතේ පිහිටි ගොඩනැඟිලි පරිශ්‍රයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම සඳහා එම ගොඩනැඟිලි පරිශ්‍රය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙත පැවරීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.