• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදි කිරීමේ ව්‍යාපෘතිය - ඉදි කිරීම් කාලය තුල බස් රථ ගමනාගමන පාලනය
- මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදිකිරීම් කටයුතු සැලසුම් අදියරේ පවතින අතර එහි ඉදි කිරීම් කාලය තුළ බාධාවකින් තොරව බස් රථ ධාවනය කිරීම සඳහා පහසුකම් සැපයිය යුතුව ඇත. නගරය තුළ වාහන තදබදය අවම වන පරිදි එකී බස් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා කාලසටහනක් සකස් කරනු ලැබ ඇති අතර මධ්‍ය පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති 'සහසර' වැඩසටහන යටතේ තොරතුරු තාක්ෂණය පාදක කොට ගත් බස් රථ ධාවන මෙහෙයුම් පද්ධතිය වැඩිදියුණු කර මෙහිදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, යෝජිත තොරතුරු තාක්ෂණ ක්‍රමවේදය ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.