• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1901 ලාදුරු රෝගීන් පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීම
- ලාදුරු රෝගය ලන්දේසි ‍යුගයේදී බෝවන රෝගයක් ලෙස නම් කරන ලද අතර, මෙම රෝගය සඳහා ප්‍රතිකාරයක් නොමැති වීම හේතුවෙන් එහි ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලාදුරු රෝගීන් අන් පුද්ගලයින්ගෙන් වෙන් කර තබන ලදී. 1901 ලාදුරු රෝගය පිළිබඳ ආඥා පනත යටතේ ලාදුරු රෝගීන් අන් පුද්ගලයින්ගෙන් වෙන් කර තැබීම අනිවාර්යය කරන ලදී. නවීන ප්‍රතිකාර හේතුවෙන් ලාදුරු රෝගය සම්පූර්ණයෙන් සුව කළ හැකි බවට හඳුනාගන්නා ලද අතර, 1983 වසරේ සිට මෙම රෝගීන් අන් පුද්ගලයින්ගෙන් වෙන් කර තැබීම අත්හිටුවන ලදී.
ලාදුරු රෝගයෙන් සුවය ලැබූවද ඉහත ආඥා පනත මඟින් අන් පුද්ගලයින්ගෙන් වෙන් කළ ලාදුරු රෝගීහු 31 දෙනෙක්, හැඳල හා මාන්තිව් ලාදුරු රෝහල්වල තවමත් වාසය කරති. මෙම රෝගීන්ට ඔවුන්ගේ සාමාජීය සම්බන්ධතා පවත්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට හැකිවන පරිදි 1901 ලාදුරු රෝගය පිළිබඳ ආඥා පනත සංශෝධනය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.