• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විහාරස්ථාන හා දහම් පාසල් සංවර්ධනය කිරීම
- දිවයින පුරා පිහිටි විහාරස්ථාන හා දහම් පාසල්වල පහසුකම් වැඩිදියුණු කිරීමේදී වඩාත් විධිමත් හා ඒකීයභාවයක් ඇති වන පරිදි ඒවාට පහසුකම් සැලසීම පිණිස අනුගමනය කළ යුතු යෝග්‍ය ක්‍රමවේදයක් නිර්දේශ කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර තීරණය කරන ලදී. ඒ අනුව, විහාරස්ථාන හා දහම් පාසල් සංවර්ධනය කිරීම සඳහා රජය විසින් පහසුකම් සැලසීමේදී ද්විකරණයකින් තොරව වඩාත් විධිමත් ලෙස කටයුතු කිරීමට හැකි වන පරිදි එම කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ අනුව කටයුතු කිරීමටත් රජය විසින් ඉදිරියේදී අනෙකුත් ආගමික ස්ථාන සංවර්ධනය සඳහා පහසුකම් සැලසීමේදී මෙම නිර්දේශ අනුව කටයුතු කිරීම පිණිසත් බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.