• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2007 අංක 58 දරන රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත සංශෝධනය කිරීම
- රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම ජාතික ආරක්ෂාවට අදාළ විෂය ක්ෂේත්‍රයක් ලෙස නිරීක්ෂණය කර ඇති බැවින් 2007 අංක 58 දරන රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම භාර අමාත්‍යවරයා වශයෙන් ආරක්ෂක අමාත්‍යවරයා කටයුතු කළ යුතු බවට සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. ඒ අනුව ඉහත පනත සංශෝධනය කිරීම සඳහා කෙටුම්පත් කරන ලද පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.