• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හරිත උද්‍යාන සහ හරිත කලාපයක් සහිත ඇවිදින මංතීරු ස්ථාපිත කිරීම
අයවැය යෝජනා යටතේ සෑම ප්‍රාදේශීය සභා කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි 'හරිත උද්‍යායනයක්' හෝ 'හරිත කලාපයක්' සමඟ ඇවිදින මං තීරුවක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 1,500ක් වෙන් කරනු ලැබ ඇති අතර එමඟින් ප්‍රධාන වශයෙන් දිවයින පුරා ව්‍යාපෘති 54ක් ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව හරිත උද්‍යාන වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය සහ අදාළ පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය සහිතව ක්‍රියාත්මක කිරීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.