• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල පහත හෙළීම හේතුවෙන් ඖෂධ ලබාගැනීමේදී ඇති වූ බලපෑම
2016 ඔක්තෝබර් 21 දින අංක 1989/61 දරන අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල පහත හෙළීම හේතුවෙන් සිදු වී ඇති බලපෑම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් 2016 සහ 2017 වර්ෂවල ඖෂධ වෙළඳ පොළ පිළිබඳ දත්ත විශ්ලේෂණයක් සිදු කරනු ලැබ තිබේ. එකී විශ්ලේෂණය අනුව අනාවරණය වී ඇති පහත සඳහන් කරුණු පිළිබඳ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කරන ලදී.

* ඖෂධවල ඉහළ මිල ගණන් හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත වුවද නියමිත පරිදි ඖෂධ භාවිත කර නොමැති රෝගීන් අඩු වූ මිල ගණන් යටතේ නියමිත පරිදි ඖෂධ භාවිත කිරීමට යොමු වී ඇති බව හා විශේෂයෙන්ම, දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි නිදන්ගත රෝග සඳහා භාවිත කරනු ලබන ඖෂධ භාවිතය ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව සමස්ත ඖෂධ භාවිතය වැඩි වී ඇති බව.
* පුළුල් ලෙස භාවිත කරනු ලබන ඖෂධීය වෙළඳ නාම 280ක පමණ සංඛ්‍යාවක සිල්ලර මිල නියාමනය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පියවර ගැනීම හේතුවෙන් උසස් ගුණාත්මක ඖෂධ භාවිතය අඩුවනු ඇතැයි අනුමාන කරනු ලැබුව ද එවැනි වෙළඳ නාමයන් යටතේ වන නිෂ්පාදකයින්ගේ වෙළඳපොළ කොටස සැලකිය යුතු පරිදි සහ නවෝත්පාදන වෙළඳනාමයන් යටතේ වන නිෂ්පාදකයින්ගේ වෙළඳපොළ කොටස වර්ෂයක කාලයක් තුළ 600%කින් පමණ ඉහළ ගොස් ඇති බව.
* ඒ අනුව මේ දක්වා අදාළ නියාමන ක්‍රමවේදයේ ප්‍රතිඵලයක් වශයෙන් රුපියල් බිලියන 4.4ක පමණ ප්‍රතිලාභ රෝගීන් වෙත ලැබී ඇති බව.