• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පරිපූරක සායනික (Para Clinical) ගොඩනැඟිල්ල ඉදි කිරීම
- 1962 වර්ෂයේදී ස්ථාපිත කරන ලද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා වර්තමානය වනවිට සිසුන් 215ක් පමණ වර්ෂයකට ඇතුළත් කර ගනු ලබයි. වෛද්‍ය පීඨ සිසුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා රුපියල් මිලියන 280ක ආයෝජනයක් යටතේ පරිපූරක සායනික ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබ ඇති අතර, එහි බිම් මහළේ සහ පළමු මහළේ ඉදිකිරීම් කටයුතු මේ වනවිටත් අවසන් කර ඇත. මෙහි දෙවන අදියර යටතේ මෙම ගොඩනැඟිල්ලට තවත් වර්ග මීටර 7,200ක් එකතු කරමින් සංවර්ධනය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.