• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රිකුණාමලය වරායේ අෂ්රෆ් ජැටියේ පුළුල් කිරීම
- නැ‍ඟෙනහිර හා ඊසාන දිග පළාත්වල සිදු වන කාර්මික සංවර්ධනයට සමගාමීව ත්‍රිකුණාමල වරායේ තොග බහාලුම් මෙහෙයුම් සඳහා ඇති ඉහළ යන ඉල්ලුම සපුරාලීම පිණිස ත්‍රිකුණාමල වරායේ අමතර නැංගුරම්ලෑමේ පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. ඒ අනුව දැනට වාණිජ කටයුතු සඳහා භාවිත කරනු ලබන එම වරායේ පිහිටි එකම බහුකාර්ය නැංගුරම්පොළ වන අෂ්රෆ් ජැටිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.