• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මගී ගමනාගමනය සඳහා පරිසර හිතකාමී බස්රථ 1,000ක් යෙදවීම
- දෛනික මගී ප්‍රවාහන සේවය සැපයීම සඳහා බස්රථ 7,257ක් පමණ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් යෙදවිය යුතු වුවත්, මේ වනවිට එම මණ්ඩලය සතුව ඇත්තේ බස්රථ 6,540ක් පමණි. එමෙන්ම නියමිත ආයු කාලය අවසන් වීම හා බරපතල අනතුරුවලට ලක්වීම හේතුවෙන් රථ ඇණියෙන් ඉවත් වන බස්රථ සඳහා නව බස්රථ 500ක් පමණ වාර්ෂිකව රථ ඇණියට එක්කළ යුතු බවට හඳුනාගනු ලැබ ඇත. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා නව බස්රථ 892ක් මිලදී ගැනීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් පවතින අතර මගී ප්‍රවාහන සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තවත් බස්රථ 1,000ක් පමණ කඩිනමින් මිලදී ගත යුතුව ඇති බව හඳුනාගනු ලැබ ඇත.

එම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා හංගේරියානු රජයේ සහ එහි අපනයන ආනයන බැංකුවේ සහාය ඇතිව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත විදුලි බලයෙන් හා දෙමුහුන් බලයෙන් ක්‍රියාත්මක වන බස්රථ, 1,000ක් එහි රථ ඇණියට එක් කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනාව සලකා පරිසර හිතකාමී තාක්ෂණයෙන් යුත් විදුලි බලයෙන් දිවෙන බස්රථ 250ක් සහ දෙමුහුන් බස්රථ 750ක් ධාවනයේ යෙදවීම සඳහා හංගේරියානු ෂෙපල් හෝල්ඩිං සමාගම සමඟ එකඟතාවයකට එළඹීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.