• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික වෙළඳ සාකච්ඡා කමිටුව
- අපනයන විවිධාංගීකරණය තුළින් රටට වඩා වාසිදායක වෙළඳ පොළවල් වෙත ප්‍රවේශ වීම සහ ඍජු විදේශීය ආයෝජන වැඩි වශයෙන් ආකර්ශනය කරගැනීම සඳහා විවිධ රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව එවැනි ගිවිසුම්වලට එළඹීමේදී රටට වඩාත් වාසිදායක කොන්දේසි සහිතව එවැනි ගිවිසුම්වලට එළඹීම සඳහා ආදළ විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණතාවයක් සහිත නියෝජිතයින් 17 දෙනෙකුගෙන් යුත් ජාතික වෙළඳ සාකච්ඡා කමිටුවක් ස්ථාපිත කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.