• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජාතික තරුණ ‍ස්වේච්ඡා සේවය
- ජාතික තරුණ සේවා සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් අතර ස්වේච්ඡා සේවා කටයුතු ප්‍රමුඛ ස්ථානයක් ගනු ලැබුවද තරුණ ප්‍රජාවගේ ස්වචේඡා සේවය සඳහා නිසි ඇගයීමක් නොලැබීම හේතුවෙන් ස්වේච්ඡා වැඩසටහන් වෙනුවෙන් තරුණ සහභාගිත්වය ලබාගැනීම තවදුරටත් අපහසු වී තිබේ. ඒ අනුව ග්‍රාමීය, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් යෞවන සමාජ ව්‍යාපාරය ශක්තිමත් කිරීමටත්, ස්වේච්ඡා සේවකයින් සඳහා එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය, කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය, රතු කුරුස සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන හරහා ස්වේච්ඡා සේවකයින් පුහුණු කිරීමටත් යෝජනා වී ඇත. එමෙන්ම විශිෂ්ඨතම ස්වේච්ඡා සේවකයින් සඳහා රන්, රිදී හා ලෝකඩ සම්මාන ප්‍රදානය කිරීමටත්, රැකියා සහ විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වීමේදී ස්වේච්ඡා සේවකයින් සඳහා දිරිගැන්වීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ යම් ඇගයීමක් ලබා දීම ඇතුළු ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට මෙහෙයුම් කමිටුවක් පත් කිරිම පිණිස තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.