• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ පාසල්වල 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය හේතුවෙන් ප්‍රාථමික හා ද්විතීයික මට්ටමේ අධ්‍යාපනය පිළිබඳ ශ්‍රී ලංකාව කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කර ගෙන තිබුණද අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සා.පෙ.) විභාගයෙන් පසු තවමත් වාර්ෂිකව සිසුන් 80,000ක පමණ ප්‍රමාණයක් වැඩිදුර අධ්‍යාපනයක් හෝ වෘත්තීය නිපුණත්වයකින් තොරව පාසල් පද්ධතියෙන් ඉවත් වන බව නිරීක්ෂණය කර තිබේ. මෙම ශිෂ්‍ය ප්‍රජාව දේශීය හා විදේශීය ශ්‍රම වෙළඳ පොළේ රැකියා අවස්ථා ලබා ගත හැකි වෘත්තීය නිපුණතාවයන්ගෙන් යුත් පිරිසක් බවට පත් කිරීමේ අරමුණින් වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීම පිණිස අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සා.පෙ.) විභාගයේ ප්‍රතිඵල නොසලකා තවත් වසර 02ක් තුළ වෘත්තීය විෂයන් 26ක් අතුරින් එක් විෂයක නිපුණත්වය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. එම වැඩසටහන 2019 වසරේ සිට දිවයින පුරා පළාත් හා ජාතික පාසල් 860ක පමණ ජාතික වැඩසහනක් ලෙස ක්‍රියාත්මක කිරීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසාගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.