• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතර බන්ධනාගාරය කොටවිලවත්ත ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීම
- මාතර බන්ධනාගාරයේ දැනට පවතින ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම බන්ධනාගාරය කොටවිලවත්ත ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සැලසුම් කර තිබේ. ඒ අනුව, රැඳවූවන් 700 දෙනෙකු සඳහා මූලික පහසුකම් සහිතව, නිල නිවාස, බැරැක්ක, ජලය හා විදුලිය, නිරීක්ෂණ කැමරා, උපයෝගිතා සහ සනීපාරක්ෂක පද්ධති සහ අනෙකුත් පහසුකම් සහිතව ඉදි කිරීම සඳහා‍ අවශ්‍ය රුපියල් මිලියන 2,950ක මුදලක් මධ්‍යකාලීන අයවැය රාමුව තුළ සලසා ගැනීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.