• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීම
- හෙක්ටයාර මිලියන 6.55ක් පමණ සීමිත භූමි ප්‍රමාණයක් හිමි ශ්‍රී ලංකාව තුළ දිනෙන් දින වර්ධනය වන මිනිස් අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමටත්, ජාතික ආර්ථික සංවර්ධන උපායමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහාත් අවශ්‍ය මනා පාරිසරික සංතුලනය පවත්වාගෙන යාම පිණිස වඩාත් විද්‍යාත්මක පදනමකින් සකස් කළ භූමි පරිහරණ ප්‍රතිපත්තියක් පැවතීමේ අවශ්‍යතාවය රජය විසින් හඳුනාගෙන තිබේ. ඒ අනුව දැනට පවතින 2007 වර්ෂයේදී අනුමත කරන ලද ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය විශ්ලේෂණය කරමින් ක්ෂේත්‍රයට අදාළ සියලුම පාර්ශ්වකරුවන්ගේ දායකත්වයද සහිතව වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම පිණිස ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.