• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ තෙමහල් භට නිවාසයක් ඉදි කිරීම
- කොළඹ හා ඒ අවට නාගරික ප්‍රදේශවල විශේෂ ආරක්ෂක රාජකාරි සඳහා ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ විශාල නිලධාරින් සංඛ්‍යාවක් අනුයුක්ත කරනු ලැබ ඇත. එසේ වුවත් එම නිලධාරින් සඳහා ප්‍රමාණවත් භට නිවාස පහසුකම් ඉදි කර නොතිබීම හේතුවෙන් ගෝනහේන කඳවුරු භූමියේ අබලන් තත්ත්වයේ ඇති භට නිවාසයක් ඉවත් කර ඒ වෙනුවට නිලධාරින්ට නේවාසික පහසුකම් ලබා දීමට හැකි නවීන පහසුකම්වලින් යුත් තෙමහල් භට නිවාසයක් ඉදි කිරීම සඳහා තවදුරටත් ප්‍රතිපාදන සලසා දීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.