• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කිරි සැකසුම් මධ්‍යස්ථාන 6ක් සංවර්ධනය කිරීම
- ජාතික කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් කුඩා පරිමාණ කිරි නිපැයුම් මධ්‍යස්ථාන 06ක් සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. ඒ සඳහා ප්‍රංශයේ Netixis ආයෝජන බැංකුවේ අරමුදල් සහාය යටතේ කිරි සැකසුම් මධ්‍යස්ථාන හයක් සංවර්ධනය කිරීම සඳහා ප්‍රංශයේ බොකාඩ් සමාගම සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.