• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මකභාවය වර්ධනය කිරීම
- ශ්‍රී ලාංකික සිසුන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා ලබා දීම පිණිස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් නියාමනය වන විශ්වවිද්‍යාල 15ට අමතරව, පාර්ලිමේන්තු පනත් මඟින් විවිධ අමාත්‍යාංශ යටතේ ස්ථාපිත කර ඇති විශ්වවිද්‍යාල 05ක් ක්‍රියාත්මක වේ. රජයේ උසස් අධ්‍යාපන ආයතනවල ඉඩ පහසුකම්වල පවතින සීමා හේතුවෙන්, විදේශ විශ්වවිද්‍යාල සමඟ අනුබද්ධවී එම විශ්වවිද්‍යාලවල උපාධි පිරිනමන ආයතන සහ තමන්ගේම උපාධි පිරිනැමීමට අනුමැතිය ලැබ ඇති තවත් උසස් අධ්‍යාපන ආයතන 16ක්ද රට තුළ ක්‍රියාත්මක වේ. මෙම උසස් අධ්‍යාපන ආයතන සියල්ලෙහිම ප්‍රතීතනය හා තත්ත්ව ආරක්ෂණ සහතික කිරීම මඟින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය හා ඒකීයභාවය තහවුරු කිරීම සඳහා තත්ත්ව ආරක්ෂණ හා ප්‍රතීතන කොමිෂන් සභාව ස්ථාපනය කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.