• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘතහස්ත කලාකරුවන් සඳහා නිවාස පහසුකම් ලබා දීම සහ චීන-ශ්‍රී ලංකා කෞතුකාගාරයක් ස්ථාපිත කි‍රීම
- ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මැතිතුමාගේ ඉල්ලීමක් අනුව කෘතහස්ත කලාකරුවන් වෙනුවෙන් නිවාස පහසුකම් ලබා දීමට නිවාස 108ක් ඉදි කිරීම සහ චීන-ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතාවය පිළිබිඹු කිරීම පිණිස කෞතුකාගාරයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට චීන රජ‍ය එකඟ වී ඇත. ඒ අනුව චීන රජය විසින් ලබා දෙන ප්‍රදාන යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.