• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොදු ප්‍රවාහන සේවා සඳහා සුඛෝපභෝගි බස්රථ යෙදවීම
- බස්නාහිර පළාත තුළ පවතින අධික මාර්ග තදබදය අවම කිරීමේ ප්‍රමුඛ පියවරක් ලෙස, දැනට තම ගමනාගමන පහසුකම් සඳහා පුද්ගලික රථවාහන භාවිත කරන මඟීන්, පොදු ප්‍රවාහන සේවා සඳහා ආකර්ෂණය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ ගමනාන්තය වෙත ළඟා වීමට හැකිවන පරිදි, බස් ප්‍රමුඛතා මංතීරුව මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතියි. එම තත්ත්වය තවදුරටත් වැඩිදියුණු කරගැනීමේ අරමුණින් පොදු ප්‍රවාහන සේවා සඳහා දැනට භාවිතා කෙරෙන බස්රථ වෙනුවට වායු සමීකරණය කරන ලද පත්ළ පහත් වඩාත් සුව පහසු හා ආරක්ෂිත බස් රථ සේවයට යෙදවීමට බස්රථ හිමියන් දිරිගැන්වීම සඳහා ඔවුන් වෙත 'ව්‍යවසාය ශ්‍රී ලංකා වැඩසටහන' යටතේ සහන ණය පහසුකම් සැලසීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.