• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇඹිලිපිටිය නගර සංවර්ධන ව්‍යාපෘතිය සහ නාගරික උද්‍යාන සංවර්ධනය සඳහා අවශ්‍ය ඉඩම් වෙන් කර ගැනීම
- හම්බන්තොට නගරයේ සිදු වෙමින් පවතින සීඝ්‍ර සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ඊට ආසන්නයේ පිහිටි ඇඹිලිපිටිය නගරය ශීඝ්‍ර සංවර්ධනයකට භාජනය වෙමින් පවතියි. ඒ අනුව, ඇඹිලිපිටිය නගරයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිණිස අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඇඹිලිපිටිය නගර මධ්‍ය සංවර්ධන සැලැස්ම පිළියෙළ කරනු ලැබ ඇත. මෙම සැලැස්ම යටතේ කාවන්තිස්ස වැව සහ අවට කලාපය සංවර්ධනය කිරීමටත් නගර මධ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ළමා උද්‍යානයක් සහ මාර්ග සංවර්ධන සහ අනෙකුත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත් අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, මෙම ව්‍යාපෘති දෙක ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.