• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මධ්‍යම පාන්තිකයන් සඳහා දැරිය හැකි මිලකට නිවාස ලබා දීමේ වැඩපිළිවෙල
- මධ්‍යම පාන්තික ප්‍රජාවගේ ඉහළ යන නිවාස ඉල්ලුමට සරිලන ලෙස නිවාස සැපයීම සඳහා රජයේ අවධානය යොමු වී ඇත. මේ අනුව වෘත්තීයවේදීන් හා විධායක ශ්‍රේණියේ නිලධාරින්ගේ නිවාස අවශ්‍යතා වෙනුවෙන් කොට්ටාව, ඔරුගොඩවත්ත, අනුරාධපුර, නුවරඑළිය, අවිස්සාවේල්ල සහ හොරණ යන ප්‍රදේශවල නිවාස 1,900ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.