• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුලියාපිටිය මූලික රෝහල, ශික්ෂණ රෝහලක් බවට වැඩි දියුණු කිරීම
- 2017 අයවැය යෝජනා අනුව වයඹ විශ්වවිද්‍යාලය සඳහා නව වෛද්‍ය පීඨයක් ලබා දීමේ යෝජනාවට සමගාමීව, එම පීඨයට ඇතුළත් වන සිසුන්ගේ සායනික පුහුණු කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස කුලියාපිටිය මූලික රෝහල, ශික්ෂණ රෝහලක් බවට වැඩි දියුණු කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, ඉහළ ගුණත්මකභාවයකින් යුත් සායනික පුහුණුවක් සැපයීමට හැකිවන පරිදි කුලියාපිටිය මූලික රෝහල සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ ශික්ෂණ රෝහලක් බවට වැඩි දියුණු කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.