• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළාත් මාර්ග නඩත්තුව සහ වැඩිදියුණු කිරීම
- මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග කළමනාකරණ හැකියාවන් වැඩිදියුණු කිරීම සහ තෝරාගත් මාර්ග වැඩිදියුණු කිරීම සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්ත‍ර සංවර්ධන සමායතනය වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 125ක අරමුදල් සලසා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එසේ වුවද දිවයින පුරා විහිදී ඇති පළාත් මාර්ගවල කඩිනමින් සිදු කළ යුතු අත්‍යවශ්‍ය නඩත්තු සහ වැඩිදියුණු කිරීම් සඳහා වෙන් කරන ලද අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් යොදවා ගැනීම සහ ඒ සඳහා අවශ්‍ය ව්‍යාපෘති කළමනාකරණ සේවා සලසා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.