• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ළමුන් සඳහා දිවා සුරැකුම් පහසුකම් පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම
- ළමුන් සඳහා ඉහළ ගුණත්වයකින් යුත් දිවා සුරැකුම් පහසුකම් සැලසීමේ අරමුණින් පෞද්ගලික අංශය හා එක්ව ප්‍රාදේශීය මට්ටමින් දිවා සුරැකුම් මධ්‍යස්ථාන 2,000ක් ස්ථාපිත කිරීමට රජය විසින් සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් සහ ආයෝජන ආකර්ශනය කරගැනීමේ අරමුණින්, දිවා සුරැකුම් පහසුකම් පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා ආයෝජකයින්ට අවශ්‍ය අරමුදල් සහාය ලබා දීම පිණිස 'ව්‍යවසාය ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ සහන ණය යෝජනා ක්‍රමයක් ඇති කිරීම සහ අවශ්‍ය වන අනෙකුත් සහායන් ලබා දීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.