• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංග්‍රාමික තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ ඒකාබද්ධ රුසියානු ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩායමේ සහයෝගිතා ලේඛනය අත්සන් තැබීම
- 2004 වර්ෂයේදී රුසියානු සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කරන ලද සංග්‍රාමික තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ ගිවිසුම අනුව පිහිටුවීමට යෝජිත සංග්‍රාමික තාක්ෂණික සහයෝගිතාවය පිළිබඳ රුසියානු - ශ්‍රී ලාංකික ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමෙහි කාර්යභාරය හා කොන්දේසි ඇතුළත් ලේඛනයට අත්සන් තැබීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.