• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් විදේශීය වෙළඳ නෞකාවන් සඳහා සපයනු ලබන මුහුදු ආරක්ෂක සේවා පිළිබඳ නීතිමය රාමුවක් සකස් කිරීම
- ජාත්‍යන්තර වෙළඳ නෞකාවන්ට මුහුදු කොල්ලකරුවන්ගෙන් සිදු වන ප්‍රහාරයන්ගෙන් ආරක්ෂාව සලසා ගැනීම පිණිස එම නෞකා විසින් ගිනි අවිසහිත මුහුදු ආරක්ෂකයින් යොදාගනු ලබයි. මෙවැනි තර්ජන සහිත අවදානම් කලාපවලට යාත්‍රා කරන නෞකාවන් වෙත එවැනි ආරක්ෂකයින් නංවා ගැනීම සහ එවැනි අවදානම් කලාප දෙසින් පැමිණෙන නෞකාවන්හි සිටින ආරක්ෂකයින් ගොඩබැස්සවීම සඳහා ගාල්ල සහ කොළඹ වරායන් භාවිත කරනු ලබයි. ඒ අනුව, එලෙස ආරක්ෂාව සලසනු ලබන පෞද්ගලික සමුද්‍ර ආරක්ෂණ සමාගම්වලට අයත් ගිනි අවි සහ උපාංග මෙහෙයුම් අවශ්‍යතාවය මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්ෂණය හා ආරක්ෂාව යටතේ ප්‍රවාහනය හා ගබඩා කිරීම නියාමනය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.