• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උම‍ඟේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක්වූ නිවාස හිමියන්ට සහන සැලසීම
- උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වූ පදිංචිකරුවන් වෙත මාස 06ක උපරිමයකට යටත්ව මාසික නිවාස කුලිය ගෙවීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. මෙම සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වූ නිවාස හිමියන්ගේ පදිංචිය සඳහා විකල්ප ඉඩම් ලබා දෙන තෙක් මෙම පදිංචිකරුවන් සඳහා මේ වන විටත් ලබා දෙන මාසික නිවාස කුලිය තවදුරටත් දීර්ඝ කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.