• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදු කළ යුතු අලුත්වැඩියාවන් සඳහා උපදේශක සේවා ලබාගැනීම
- ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණ ගොඩනැඟිල්ල 1982 වර්ෂයේදී ඉදි කරනු ලැබ ඇති අතර, පසුගිය වසර 35ක කාලසීමාව තුළ එම ගොඩනැගිලි සංකීර්ණයේ ප්‍රධාන අලුත්වැඩියාවන් කිසිවක් සිදු කර නොමැත. ඒ අනුව, පාර්ලිමේන්තු සංකීර්ණයේ කඩිනමින් සිදු කළ යුතුයැයි හඳුනාගෙන ඇති අලුත්වැඩියාවන් සිදු කරගැනීම සඳහා වන උපදේශක සේවාව, පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල උපදේශක කාරක සභාවේ නිර්දේශයද සලකා නාගරික සංවර්ධන අධිකාරිය වෙතින් ඉටු කරගැනීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.