• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මඩු දේවස්ථාන ප්‍රදේශය පූජා භූමියක් බවට ප්‍රකාශයට පත් කොට සංවර්ධනය කිරීම
- මඩු දේවස්ථානය, කිතුනු බැතිමතුන්ගේ වන්දනාමානයට මෙන්ම අනෙකුත් ආගමිකයන්ගේද ගෞරව භක්තියට ලක් වූ ඓතිහාසික පූජා භූමියකි. එම ආගමික ස්ථානය ආරක්ෂා කිරීමත්, එම ස්ථානයට පැමිණෙන ජනතාව සඳහා අවශ්‍ය වන්නාවූ පහසුකම් සැපයීමත් කාලීන අවශ්‍යතාවක් සේ සලකා මඩු දේවස්ථානය ඇතුළත් භූමි ප්‍රදේශය, පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත්, එම ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රවාහන හා මාර්ග පහසුකම්, ජලාපවහන පද්ධති හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමත්, මෙම ප්‍රදේශ වෙත පිටතින් පැමිණෙන ජනතාව වෙනුවෙන් නවාතැන්, විශ්‍රාම ශාලා ආදී විශේෂ පහසුකම් සැපයීමත් ඇතුළත්ව මඩු දේවස්ථාන භූමිය ආශ්‍රිත විශේෂ සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.