2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය |
මන්නාරම් හා කාවේරි ද්‍රෝණියේ ඛනිජ තෙල් ගවේෂණ, සංවර්ධන සහ නිෂ්පාදන කටයුතු සඳහා නිපුණතාවක් ඇති ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගම්වලින් ලංසු කැඳවීම - දේශීය මූලාශ්‍රවලින් ලබාගන්නා තෙල් හා ගෑස් බලශක්ති ප්‍රභවයක් ලෙස භාවිත කිරීම මඟින් සැලකිය යුතු ආර්ථික වාසියක් අත්පත් කරගත හැකි බව හඳුනාගනු ලැබ ඇත. ඛනිජ තෙල් ඇති බවට විශ්වාස කරනු ලබන මන්නාරම් හා කාවේරි යන ප්‍රදේශයන් වෙත තෙල් සමාගම් හා භූ විද්‍යාඥයන්ගේ දැඩි උනන්දුව හා ආකර්ෂණය ලැබී ඇත. ඒ අනුව මෙම ප්‍රදේශයන්හි ඛනිජ තෙල් ඇති බවට අපේක්ෂා කරනු ලබන ප්‍රදේශවල ඛනිජ තෙල් ගවේෂණ, සංවර්ධනය සහ නිෂ්පාදන කටයුතු සඳහා ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගම්ලින් ලංසු කැඳවීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. |