• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පොලීසිය සඳහා ජිප් රථ 750ක් මිල දී ගැනීම
- ශ්‍රී ලංකා පොලීසිය විසින් මහජනතාව වෙත සපයනු ලබන සේවාව තවදුරටත් වර්ධනය කිරීම පිණිස ශ්‍රී ලංකා පොලීසිය වෙත ජීප් රථ 600ක් සහ පොලිස් විශේෂ කාර්යය බලකාය වෙත ජීප් රථ 150ක් ඉන්දියානු අරමුදල් සහාය යටතේ මිල දී ගැනීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.