• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාලම් 25ක් නැවත ඉදි කිරීමේ ව්‍යාපෘතිය අධීක්ෂණය සඳහා උපදේශක කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවෙයිට් අරමුදල විසින් අරමුදල් සපයනු ලබන, පාලම් 25ක් නැවත ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ වන කොන්ත්‍රාත් පැකේජ 02හි ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, Dr. Nabeel Abdul - Raheem Consultants (NARCO) විසින් Resources Development Consultants (Pvt.) Ltd. සමඟ පිහිටුවා ගත් හවුල් ව්‍යාපාරය වෙත කුවෙයිට් ඩිනාර් 118,440ක සහ රුපියල් මිලියන 169.2ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.