• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2018
- රජයට අයත් සීමාසහිත ලංකා පොහොර සමාගම (ලක් පොහොර) හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම (කොමර්ෂල් පොහොර), වෙළඳ පොළට අවශ්‍ය වන රසායනික පොහොර මිල දී ගැනීමට අදාළව ජාත්‍යන්තර විවෘත තරගකාරි මිල කැඳවීම මඟින් ලංසු කැඳවීමට කටයුතු කරන ලදී. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි යූරියා මෙට්‍රික් ටොන් 30,000ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 292.38 බැගින් ලයිවන් ඇග්‍රිකෙම් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් වෙතද මියුරියේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 3,000ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 317.75 බැගින් ඇග්‍රිකල්චරල් රිසෝසස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් වෙතද ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 15,000ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 324.30 බැගින් ගෝල්ඩන් බාලි ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් වෙතද පිරිනැමීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.