• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දහම් පාසල් ගුරුවරියන් සඳහා නිල ඇඳුම් ප්‍රදානය කිරීමට අවශ්‍ය රෙදි (සාරි) මිල දී ගැනීම
- ශ්‍රී ලංකාවේ දහම් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම තුළින් යහපත් අනාගත පරපුරක් බිහි කිරීම කෙරෙහි රජයේ දැඩි අවධානය යොමු වී ඇත. දහම් පාසල් දරුවන් සඳහා ස්වේච්ඡාවෙන් දහම් අධ්‍යාපනය බෙදා දෙනු ලබන දහම් පාසල් ගුරුවරුන් සඳහා නිල ඇඳුම් බෙදා දීම 2004 වර්ෂයේ සිට මේ දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වේ. 2018 වර්ෂය සඳහාද දහම් පාසල්වල සේවය කරන ගුරුවරියන් සඳහා සාරි ප්‍රදානය කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව මෙම වැඩසටහන සඳහා අවශ්‍ය සාරි 64,000ක් රුපියල් මිලියන 103.04ක මුදලකට පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව වෙතින් මිල දී ගැනීම පිණිස බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.