• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ටෙනෙක්ටිප්ලේස් ඉන්ජෙක්ෂන් මිලිග්රෑම් 40න් (40mg) වයල් 13,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- හෘදයාබාධ ඇති වූ පුද්ගලයින් මරණයට පත්වීම වළක්වා ගැනීම සඳහා භාවිත කරනු ලබන ටෙනෙක්ටිප්ලේස් ඉන්ජෙක්ෂන් මිලිග්රෑම් 40න් යුත් වයල් 13,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඉන්දියාවේ Boehringer Ingelheim India Private Limited වෙත ඇමරිකානු ඩොලර් මිලියන 5.525ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.