• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහඔය අරලගන්විල මාර්ගයේ අයිතිය මහාමාර්ග සංවර්ධන අධිකාරියට පැවරීම
- අම්පාර හා පොළොන්නරුව යන දිස්ත්‍රික්ක දෙක අතර දිවෙන කිලෝමීටර 23ක් වන, මගී ගමනාගමනය සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිත කරනු ලබන මහඔය - අරලගන්විල මාර්ගය, වන සම්පත් සහ වන සංරක්ෂණ යන දෙපාර්තමේන්තුවලට අයත් භූමියක් හරහා දිවෙන අතර පසු කාලයක කාපට් යොදා සංවර්ධනය කරනු ලැබ ඇත. මෙම මාර්ගයේ, නඩත්තු කටයුතු කිසිදු අධිකාරියකට පවරා නොතිබීම හේතුවෙන් අබලන් තත්ත්වයක පවතින බැවින් මෙම මාර්ගය භාවිත කරන මගී ජනතාව දැඩි අපහසුතාවකට මුහුණ දී ඇත. මෙම කරුණු සැලකිල්ලට ගෙන මහඔය - අරලගන්විල මාර්ගය නිසි පරිදි නඩත්තු කිරීම අරමුණු කරගෙන, එම මාර්ගයට භාවිත කර ඇති භූමිය, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පැවරීම පිණිස සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය‍ දයා ගමගේ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.