• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මී මැසි පාලන පර්යේෂණ හා පුහුණු ආයතනයක් පිහිටුවීම
- ‍ඉතා ලාභදායී කර්මාන්තයක් ලෙස සැලකෙන මී මැසි පාලනය වර්ධනය කිරීම සඳහා විශාල විභවයක් ශ්‍රී ලංකාව සතුව ඇත. එසේ වුවත් මී මැසි පාලනය පිළිබඳ විද්‍යාත්මක දැනුමක් නොමැති වීම හේතුවෙන් වර්තමානය වන විටත් ශ්‍රී ලංකාව තුළ මී මැසි පාලනය අසංවිධිත ස්වරූපයකින් ක්‍රියාත්මක වේ. මේ හේතුවෙන් මී පැණි නිෂ්පාදනය ඉතා අඩු මට්ටමක පවතින අතර දේශීය අවශ්‍යතාව සපුරාගැනීම පිණිස මී පැණි ආනයනය කරනු ලබයි. මෙම කරුණු සැලකිල්ලට ගෙන මී මැසි කර්මාන්තය නැවත නඟාසිටුවීම සඳහා මී මැසි පාලන ඒකක ලක්ෂ දෙකක් පළමු අදියර යටතේ පිහිටුවීමට සැලසුම් කොට ඇත. ඒ යටතේ මේ වන විට ගොවීන් 1,000ක් පමණ පුහුණු කරනු ලැබ ඇති අතර, ඔවුන් අතර මී මැසි පෙට්ටි බෙදා දෙනු ලැබ ඇත. මී මැසි කර්මාන්තය තවදුරටත් පුළුල් කර ලක්ෂ දෙකක පමණ පිරිසකට නව රැකියාවන් හා ආදායම් මාර්ග ඇති කිරීමේ අරමුණින් නවීන පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානයක් දඹේතැන්න ග්‍රාමනිලධාරි වසමේ පිහිටුවීම පිණිස සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය‍ දයා ගමගේ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව කෘෂිකර්ම අමාත්‍ය‍ාංශයේ සහ සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.