• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රාදේශීය සංවර්ධන සහාය ව්‍යාපෘතිය (2019-2022)
- උතුර, නැ‍ඟෙනහිර, උතුරු මැද, වයඹ හා ඌව යන පළාත්වලට අයත් පළාත් පාලන ආයතන 101ක ආර්ථික තත්ත්වය වර්ධනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 106ක ආයෝජනයක් යටතේ උප ව්‍යාපෘතීන් 1,214ක් සාර්ථකව නිම කරන ලද අතර, දිළිඳුකම අවම කිරීම පිණිස සහ ආර්ථිකය තවදුරටත් ප්‍රසාරණය කිරීම පිණිස මෙම ප්‍රදේශ සඳහා ආර්ථික යටිතල පහසුකම් තවදුරටත් සැපයිය යුතු බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 50ක ලෝක බැංකු ණය ආධාර යටතේ සහ යුරෝ මිලියන 22.5ක යුරෝපා හවුල මඟින් ලබා දෙන ආධාර යටතේ උතුරු පළාතේ පළාත් පාලන ආයතන 34ක්, නැ‍ඟෙනහිර පළාතේ පළාත් පාලන ආයතන 45ක්, උතුරු මැද පළාතේ පළාත් පාලන ආයතන 27ක් හා ඌව පළාතේ පළාත් පාලන ආයතන 28ක් ආවරණය කරමින් ප්‍රාදේශීය සංවර්ධන සහාය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.